දෙස් විදෙස් රැකියා අවස්ථා, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට ප්රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාර්ට් යූත් ඇතුළු වැඩසටහන් රැසක් සමගින් ක්‍රියාත්මක ජයගමු ශ්‍රී ලංකා, වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.
ජයගමු ශ්‍රී ලංකා ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා රැසක් ද ක්‍රියාත්මකයි.